සුළු ගංවතුර තර්ජනයක් ගැන නිවේදනයක්

කළු ගඟ, කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග  දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ ආශ්‍රිත පහත්  බිම් වන පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව කැලණි ගඟ ආශ්‍රිතව පහත් බිම් වන දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව සහ වත්තල යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published.