05දෙනෙකු සමග රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

තරුණයින් 05දෙනකු ගමන්ගත් වෑන් රථයක් බෑවුමකට පෙරළී අනතුරක් සිදුවී තිබේ.

කලවාන ප්‍රොජට් පාර ගෙවල් 10 ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇති අතර ඉන් තරුණයෙක් මියගොස් අනෙක් සිව්දෙනා සුළු තුවාල ලබා ඇති බව කලවාන පොලීසිය පැවසීය.

එම අවස්ථාවේදී රියදුරු ලෙස සිටි තරුණයාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ කලවාන තපස්සර කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි අංජන සංදේශ් නම් 22 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply

Your email address will not be published.