ඩොනල්ඩ් ලූ ලබන සතියේ ශ්‍රී ලංකාවට

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ලබන සතියේ ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතය. 

අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිත බව වාර්තා විය.

මීට සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ලූ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඇත. 

පසුගිය මාසයේ ද අමෙරිකානු නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරට සංචාරය කළේය.

Leave a Reply

Your email address will not be published.