නාවලපිටිය උණුසුම් වෙයි

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජීවන වියදම ඉහළයෑම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) එම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු පිරිසක් විසිනි.

පසුව එම පිරිසක උද්ඝෝෂණය සිදුකිරීමට නාවලපිටිය දිස්ත්‍රික් රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් සිදුකිරීමට අවසර ලබාගෙන නොමැති බව පවසා තිබේ.

එහිදී පොලිස් අණ නොතකා උද්ඝෝෂකයින් කටයුතු කිරීම හේතුවෙන් සසංක සම්පත් සංජිව මහතා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නාවලපිටිය පොලීසිය පැවසිය.

මේ අතර, ” එක්ව නැගිටිමු ” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර අද නාවලපිටිදීයේදී පැවැත්වුණි.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published.