මෙරට ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවේ

ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු සමග ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්‍යාකුමාරි වෙරළට ඔබ්බෙන් වූ ඉන්දීය මුහුදු සීමාවේදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිස අද (16) දිනයේ තූත්තුකුඩි වරාය වෙත රැගෙන ඒමෙන් පසු පොලීසියට භාරදීමට නියමිතව ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.