විකල්පයක් නෑ… එකම විසඳුම අපි -සජිත්

පවතින අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම විසඳුම සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පඬුවස්නුවර පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව අදහස් පළ කළේය.

“රටේ ජනතාව මොළ 7 කපුටාව එළෙව්වා. අගමැති මයිනවා එළෙව්වා. ජනාධිපති එළෙව්වා. නමුත් ආපහු තියෙන්නේ පොහොට්ටු සෙවනැලි ආණ්ඩුවක්. ඇමතිවරු පත්වෙන්නේ කපුටාගේ ලැයිස්තුවෙන්. දැන් අලියයි, කපුටයි විවාහ වෙලා ඉවරයි. සමහරු පෙන්න හදනවා උනුත් එකයි, මුනුත් එකයි, ඒක කියන එවුණුත් එකයි. උන් ඔක්කෝම එකට හිටියේ. මේ සමගි ජන බලවේගය තමයි රටේ ප්‍රශ්නවලට තිබෙන එකම විකල්පය. එකම විසඳුම අපේ බලවේගයයි කියන එක මම කියන්න කැමතියි. වෙන විකල්පයක් වෙන විසඳුමක් නැහැ. අනිත් අය ඔක්කොම ඉන්නේ ටොම් පචයෝ. ඔක්කොම බොරුකාරයේ ටික.”

Leave a Reply

Your email address will not be published.