ඇමරිකාවේ ඉහලම ලොක්කෙක් ලංකාවට..

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය .

ඩොනල්ඩ් ලූ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිතය.

මීට සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ලූ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඇත.

පසුගිය මාසයේ ද අමෙරිකානු නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරට සංචාරය කළේය. ඒ් අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම නියෝජිතායතනවල එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

Leave a Reply

Your email address will not be published.