පන්නල කැලඹූ අමානුෂික ඝාතනය

පන්නල නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

අද (17) උදෑසන 3.30ට පමණ එම ඝාතනය සිදුව ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

එලෙස ඝාතයට ලක්ව ඇත්තේ, 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අප කළ වීමසිමකදී පොලීසිය සඳහන් කළේය, අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරමින් පවතින බවය.

මේ අතර නොච්චියාගම ප්‍රදේශයේ දී දෙදරු පියෙක් ව උදලු මිටකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් අත්තේ, 53 හැවිරිදි ඒ. ඇම්. ගුණතිලක නැමැති එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (16) එම ඝාතනය සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.
 

Leave a Reply

Your email address will not be published.