නෙළුම් කුලුන ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු ලැබෙයි.

එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතී.

මේ අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිම්වෙයි.

මේ අතර නෙළුම් කුලුන පරිශ්‍රය සඳහා පැමිණීමේදී අතරමැදියන් සම්බන්ධ කර නොගන්නා ලෙසටද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම නිවේදනය මගිල් අදාළ සමාගම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ චාරිකා සඳහා කල්වේලා ඇතිව ටිකට් පත් වෙන්කරවා ගැනීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බවය.

074 201 9743 (ඇමතුම්/වට්ස් ඇප්)
011 242 7874
info@colombolotustower.lk 

Leave a Reply

Your email address will not be published.