රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස් විශ්වවිද්‍යාල අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස්හි විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

ඒ සඳහා වන ගිවිසුම අත්සන් කිරීමට අදාළ සාකච්ඡා බෙලරූස් රාජ්‍යයේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ එරට අධ්‍යාපන අමාත්‍ය ඇන්ඩ්‍රියි අයි. ඉවනැට්ස් මහතා අතර පවත්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

වර්තමානයට උචිත ලෙස මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.