අමෙරිකාව ඉරානයටත් ඔළුව දායි

ඉරානයේ අභ්‍යන්තර ගැටලු සඳහා අමෙරිකාව අනවශ්‍ය මැදිහත් වීමක් සිදුකරන බව එරට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසයි.

රටේ පවතින විරෝධතා දැඩි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ උත්තේජනයන් සපයන බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉරානය ඔවුන්ගේම පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙන් බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ (16) ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශයන් තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ඉරානයේ ගැටලු සඳහා අමෙරිකාවේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවද ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.