අහුංගල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් වන අතර ඔහු විසින් එම ඝාතනය සිදුකිරීම සඳහා T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාද වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එම ගිනිඅවිය දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ, කිළිනොච්චිය කඳවුරට අයත් T56 – 2612651 අංක දරන ගිනිඅවිය බවට වාර්තා වෙයි.

ඊයේ (16) එම සැකකරු රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් මාණ්ඩලික සැරයන්වරයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මේ  අතර අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අනෙක් සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයකි.

ඔහු විශේෂ කාර්ය බළකායේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව පසුගිය 15 වනදා මීගහතැන්න පොලිස් වසමේ තල්පැදිවෙල, මීගහතැන්න ලිපිනයේ දී සිදුකළ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ඇත.

Leave a Reply

Your email address will not be published.