දුප්පත් නොවී ඉන්න එක් අයෙකුට අවශ්‍ය අවම මුදල රු. 13,460 යි – නිල වාර්තාවක් කියයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම වාර්තාව නිකුත් කර තිබේ. ඒ 2022 අගෝස්තු මාසයට අදාළවයි.

මෙම වාර්තාවට අනුව මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,460 ක් වේ. මෙම අගය 2022 ජූලි මාසය තුළ රු. 13,138 ක් වශයෙන් වාර්තා වී තිබුණි.

2022 අගෝස්තු මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 53,840 ක් වනු ඇත.

පෙර මාසයට සාපේක්ෂව 2022 අගෝස්තු මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 14,517 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 12,870 ක් වේ.

2022 අගෝස්තු මාසයට අදාළ මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.