22ට විපක්ෂය ගෙනා සංශෝධන පිළිගන්න සූදානම්

මහජන මතයට ගරු කරන මන්ත්‍රීවරුන් 22වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ අමාත්‍යාංශයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

“දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ 20 සහ 21 දින දෙකේදී මෙය විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධන අපි ඒ ආකාරයටම ඉදිරිපත‍් කරලා තියෙනවා. ඊට අමතරව විපක්ෂ නායකතුමා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන දෙක අපි පිළිගන්න එකඟවෙලා තියෙනවා. සිවිලි සමාජයෙන් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් තිදෙනා පත්කිරීමේදි අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා එකඟතාවයක් ඇතුව නිර්පාක්ෂික සුදුසු තැනැත්තන් තුන්දෙනෙක් පත්කිරීම. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා යම් යම් අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යංශය හැරෙන්න වෙනත් අමාත්‍යංශ දරන්න ජනාධිපතිට බලය තිබෙනවා. ඒ වගන්තිය ඉවත් කරන්න විපක්ෂය ඉල්ලීමක් කළා. ඒකට මම එකඟතාවය පළකලා. ඒ ඇරෙන්න වෙනත් සංශෝධනයක් ඉදිරිපත් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. 

මාධ්‍යවේදියා – ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය වසර 2 1/2 දක්වා අඩු කිරීම සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් යම් යෝජනාවක් ගෙන එනවාද?

“විසුරුවා හැරීමේ බලය 19 සංශෝධනයෙන් වසර 4 1/2 කළා. වත්මන් පාර්ලිමේන්තුව තමයි 2 1/2 කට අඩු කර ගත්තේ. මේ මන්ත්‍රී කණ්ඩායමටයි වුවමනාව තිබ්බේ. ඒ නිසා 22න් ඒ වගන්තිය වෙනස් කළේ නැහැ. විපක්ෂයේ සියලු කණ්ඩායම් ඊට එකඟයි. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව පැහැදිළි ලෙස 91 ව්‍යවස්ථාවට ඇතුල් කර තිබෙනවා. 22 සංශෝධනය සම්මත වූ දිනයේ සිට ක්‍රියාත්මක වෙන්න විධි විධාන සකස් කර තිබෙනවා.දැනට ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි මන්ත්‍රීවරු කිහිපදෙනෙක් විරුද්ධත්වය පළකරනවා, යම් පුද්ගලයෙක් වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය තබාගතයුතුයි කියලා. ඒකට අපේ එකඟතාවයක් නෑ.”

මාධ්‍යවේදියා – පොහොට්ටුවේ තමයි වැඩිපුර බහුතරය තියෙන්නේ. බහුතර බලය නැතුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න හැකියාව ලැබෙයිද?

“මහජන නියෝජිතයින් මහජන මතයට ගරු කරනවානම්, 22 ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙයි. මහජන මතයට පයින් ගහනා උදවියට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙයි. නිවැරදි දේ තීන්දු කරන්නේ ජනතාව. ඡන්ද 225ම අවශ්‍ය නෑ. 150ක් ඡන්ද ලැබුණොත් ඇති සම්මත වෙන්න.මට විශ්වාසයක් තියෙනවා ඡන්ද 150ක් ලැබෙයි කියලා”.

Leave a Reply

Your email address will not be published.