නුගේගොඩ ගම්සභා හන්දියේ දී අද (18) පෙරවරුවේ බස් රථ 03ක් එකිනෙක ගැටී තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6 ට පමණ කොටුව සිට ධාවනය වූ මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය කරවීම හේතුවෙන් තවත් බස් රථ දෙකක ගැටී ඇති බවය.
අනතුරින් එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා ප්‍රදේශයේ හටගත් රථවාහන තදබදය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.