අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (19) දිවයිනට පැමිණ තිබේ.
මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.