පාසැල් දරුවන් සපත්තු දාන්නේ ලීසිං ක‍්‍රමයට.. ගෙවන්න බැරි වුණාම කඩකාරයා මගදී සපත්තු ගලවගන්නවා..

කඩේකට ගොස් බනිස් ගෙඩියක් කාලා තේ එකක් බොන්න ඉඩමක් උකස් කිරීමට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

එවැනි තත්ත්වයකට රට පත් කළ හොරුන්ට මිස අන් කිසිවකුට මෙරටේ ජීවත් වීමට නොහැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

‘‘දැන් චූනුත් නැහැ පානුත් නැහැ හොඳේ. ඒ තරම් මිල වැඩි වෙලා තියෙන්නේ. දැන් කොත්තු ගහනවද? දැන් ඒ සද්දේ නැහැ. කොත්තු වඳ වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ඒ කාලයේ කිව්වා කොත්තු කන්න එපා කෑවොත් අපි වඳ වෙනවා කියලා. දැන් අපි යන්තම් ඉන්නවා කොත්තු වඳයි. මේ කර්මාන්තය වැටි වැටි යන්නේ.

ඒ වගේම දැන් සපත්තු කඩවල ගෙවීමේ ක්‍රමයට සපත්තු දෙනවලු. සපත්තු කුට්ටමක් ලීස් කරලා අරගෙන දාගෙන යනවා. වාරික ගෙවා ගන්න බැරි වුණාම කඩේ අයිතිකාරයා මගදී සපත්තු කුට්ටම ගලවාගෙන යනවා. එමනිසා හොරා කාපු එවුන්ට ඇරෙන්න වෙන කාටවත් මේකේ ජීවත් වෙන්න බැහැ.

ඉස්සර අක්කරයක ගොයම් කපන්න මැෂින් එකට රුපියල් හත්දාහයි. දැන් විසිපන්දාහට වැඩියි. ඒ නිසා අපිට අමාරුයි. දැන් පොහොර මිටියක් හතළිස්දාහක් වෙනවා. මෙහෙම ගියාම අපේ බිම් මට්ටමේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. පසුගිය දවස්වල බේකරි හිමියන්ගේ සංගමය කියනවා ලංකාවේ මේ වනවිට බේකරි 3500ක් වහලා කියලා. ඒ වගේම ආපනශාලා දසදහසක් වහලා. ඒ නිසා මේ අර්බුදය සරල නැහැ.

දැන් අපි හැමෝම එදිනෙදා ජීවිතේ භුක්ති විඳින දේවල් කප්පාදු කරගෙන තියෙන්නේ. කිරිපිටි බොන්නෙ නැහැ. ලයිට් බිල වැඩි නිසා බල්බ් අඩු කරලා තියෙන්නේ. කන බොන එක අඩු කරලා. රැකියා කරන කාන්තාවන් ඉස්සර පඩි ගත්ත ගමන් ඇඳුම් ගන්නවා. හැබැයි දැන් එහෙම ගන්න බැහැ. හෙන ගණන් ඒවා.’’

Leave a Reply

Your email address will not be published.