වෙඩිතැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට

වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රියේ 8.30 ට පමණ සිදුවු වෙඩිතැබීමකින් වයස අවුරුදු 21ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නෙඩුන්කේනි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් වෙඩිවැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවය.

අදාළ තරුණිය කිසියම් කටයුත්තක් වෙනුවෙන් නිවසින් එළියට පැමිණි අවස්ථාවේ වෙඩිවැදීම සිදුව ඇති බවද අනාවරණය වී ඇත.

දැරිය සිය පියා සමග නිවසේ ජිවත්ව සිට ඇති අතර, වෙඩිතැබීමට හේතුව හා වෙඩිතැබීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළහ.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද(19) දිනයේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.