ස්කොට්ලන්තයෙන් දැඩි ප්‍රහාරයක්

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් මේ වනවිට පැවැත්වෙයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තේය.

ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් ජෝන්ස් පන්දු 55කදී ලකුණු 86ක් රැස්කළේය.

ඊට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය.

හෝබාර්ට් හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published.