ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාතයංශයට ප්රදානය කළේය.
තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩිපුර යකඩ ඉවත් කිරීම හැකි බවත් එම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රය නිෂ්පාදනය 2011 වසරේදී ආරම්භ කළ බවත් නාවික හමුදාව කියයි.
නාවික හමුදාව මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2774 ක් රටපුරා ජාතික රෝහල් සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් අතර අදියර කිහිපයක් යටතේ බෙදාදුන් බවත් නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතා නාවික හමුදා මූලස්ථානයේදී පසුගිදා එම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මියට භාරදුන්නේය.
