දැඩි තීරණවලට එළැඹීමට සිදුවනවා – මහ බැංකු අධිපති

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත් තීරණ කිහිපයක් බවය.

Leave a Reply

Your email address will not be published.