පාස්කු නඩුවක් ගැන අධිකරණයෙන් නියමයක්

පාස්කු ඉරුදින ශ්‍රැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් යන අයගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ  “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා ජනවාරි 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබුණි.

එහිදී, දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත් ඊබ්‍රාහිම් හිජාස් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම් කර සිටින ඊබ්‍රාහිම් ඉස්මයිල් නමැති විත්තිකරු බන්ධනාගාරගතව පසුවෙයි.‍

Leave a Reply

Your email address will not be published.