22ක වැඩි ඡන්දයෙන් සම්මතයි

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කර තිබුණි.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බවය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත බව කථානායකවරයා සභාවට දැන්විය.

Leave a Reply

Your email address will not be published.