පරිප්පු 25කින් සීනි 15කින් මිල පහතට

පිටකොටුව තොග වෙළෙඳපොළේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පරිප්පු කිලෝ ග්රෑමයක් රුපියල් 25කින් සහ සීනි කිලෝ ග්රෑමයක් රුපියල් 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත. පසුගිය සතියේ රුපියල් 400ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375ක් දක්වා අඩු කර තිබෙන අතර, පසුගිය සතියේ රුපියල් 250කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර තිරිඟු පිටි කිලෝවක තොග මිලද රුපියල් 265ත් 280ත් අතර මිලකට පිටකොටුව තොග වෙළෙඳපොළේ අලෙවි කෙරේ.

Leave a Reply

Your email address will not be published.