ගල් අඟුරු නැවක් 25 දා මෙරටට

තවත් නෞකා 4ක් ගේන්නත් සැලසුම්

ගල් අඟුරු නෞකාවක් ලබන 25 වැනිදා මෙරටට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. පසුගිය වසර සඳහා ගල් අඟුරු සැපයීමට ගිවිසුම්ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බවත් එමෙන්ම දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රකාශකයකු කීය. මේ වන විට නොරෝච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත පවතින්නේ මේ මස අවසානය දක්වා පමණි.

Leave a Reply

Your email address will not be published.