ප්‍රීමා සහ සෙරන්ඩිබ් පිටි මිල අඩු නොකරයි..

වෙළඳපොලේ තිරිඟු පිටි මිල ගණන් අඩු වී ඇති බව වාර්තා වුවද, මෙරට ප්‍රධාන තිරිගුපිටි සැපයුම්කරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් මෙතෙක් මිල පහළ දමා නොමැති බව වාර්තා වේ.

මේ අතර මීට මාස කීපයකට පෙර පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් කළ යුතු වුවද, එය උල්ලංඝනය කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී වැටලීම් ඒකකය විසින් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් වලට එරෙහිව නිත්‍යානුකූල කටයුතු සිදු කොට ඇති අතර එහි ඉදිරි නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.

කෙසේවෙතත් පවතින තත්වය යටතේ ඉදිරි දිනවලදී අදාළ අඩු කළ නව මිල ගණන්, තිරිඟු පිටි ඇසුරුම්වල සඳහන් කරමින් ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි නිෂ්පාදන වෙළඳපොළට මුදා හරිනු ඇති බවද ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.