විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇමති තැබූ ට්විටර් සටහන

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමාට ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේ දී එම වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පසුගිය අගෝස්තු මස 5වන දා පත් කළේය.

එම කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළත් විය.

පසුගිය මාස කිහිපය පුරා වරින්වර රැස්වී ඔවුන් එම වාර්තා සැකසීමේ කටයුතුවල නිරතවූ අතර සැප්තැම්බර් මස 8 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගේ අදහස් ද ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.