‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා’ ලෙස ගෝටාභය නම් කරන්නැයි ඉල්ලයි..

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හැට නම ලක්‍ෂයක ජන වරමින් බලයට පත්වී විධායක බලයද අතේ තබාගෙන කිසිදු ජනතා හිංසන ක්‍රියාවක් සිදු නොකළ බවද ඔහු පැවසීය.

ජනතාවට පහර දී මරා තමනට බලයේ රැදී සිටීමට උවමනා නැතැයි පවසමින් ඔහු ධුරයෙන් නික්ම ගිය බවද හෙතෙම සදහන් කරයි.

ඒ හේතුවෙන් ගෝඨාභය මහතාට ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස නම් කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.