පාන් ගැන තොරතුරු දෙන්න දුරකථන අංකයක්

පාරිභෝගික අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර තිබුණි.

එහිදී පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු පවරා තිබේ.

පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී තිරිඟු පිටි මිල රුපියල් 110කින් අඩුකෙරුණ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් අප කළ සොයාබැලීමේදී අනාවරණ වූයේ ඉහළ මිලක් ගෙවනු ලැබුව ද, අවම වශයෙන් ග්‍රෑම් 450 ක බරින් යුතු පාන් ගෙඩියක් පාරිභෝගිකයාට නොලැබෙන බවය. 

මේ අතර, අඩු බර පාන් අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජීව අකුරන්තිලක මහතා සඳහන් කලේ 011 2 18 22 50 යන දුරකථන අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවය.

Leave a Reply

Your email address will not be published.