රනිල් එක්ක පළවෙනියට හිටගත්ත මිනිහා මං -චාමර

කවුරුන් ආණ්ඩු පිහිට වුවද තමා සහ අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා මහතා, එම ආණ්ඩුවල අමාත්‍යවරුන් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වයෙන් කුමන කණ්ඩායමකටවත් පාර්ලිමේන්තුව තුළ 113ක බහුතරයක් සෑදිය නොහැකි බවය.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

“ඥානාක්කාට වැඩිය චාමරට පේනවා.. සාස්තර කියන්න පුළුවන්. රනිල් පාර්ලිමේන්තු යනකොට රනිල් එක්ක පළවෙනියට හිටගත්තු මිනිහා මම. රනිල් අගමැතිත් කරලා ජනාධිපතිත් කරා. දැන් ජනාධිපති වෙද්දි පළවෙනියට කරපු වැඩේ මොකක්ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදේට එක වොයිස් කට් එකක් දෙනවා. අනුර කුමාරට සපෝට්. ආය හවසට දෙනවා සජිත්ට සපෝට්. ආය උදේට දෙනවා තව කාටහරි සපෝට්. හැමදාම අපේ පක්ෂයේ ලේකම් දයාසිරි  උදේ හවස වොයිස් කට් දුන්නා. මේ අහවලා පත්කරනවා අහවලා පත්කරනවා කියලා. අන්තිමට පත්කළේ නැහැ. අන්තිමට ගිහිල්ල සජිත්ගේ පිළේ හිටගත්තා. අපි රනිල්ගේ පැත්තේ හිටගත්තා. මේ ඊයේ පෙරේදා අපේ සමිතියක රැස්වීමකට ඇවිල්ලා නිමල් ඇමතිතුමා කියලා තියෙනවා මට ආරංචි වුණා . හරි හරි චාමරයි, නිමලුයි දැන් රනිල්ගේනේ.. අපි විපක්ෂයේ කිව්වාලු. ඒ අය ඒ පැත්තෙන් සිරිපාදේ නගිනවා. අපි මේ පැත්තෙන් නගිනවා. අන්තිමේදී සිරිකොතේදී ඔක්කොම එකතුවෙයි.  අන්තිමේදී පෙකනිවැල කපපු UNP දෙන්නෙක් තමයි සටනට එන්නේ.  ලියලා තියාගන්න. නිමල් සිරිපාල ඇමතිතුමා හොඳම අශ්වයා, චාමර හොඳ අශ්වයෙක්.  ජගත් පුෂ්පකුමාර හොඳ අශ්වයෙක්. දුමින්ද දිසානායක හොඳ අශ්වයෙක්, ලසන්ත අලගියවන්න හොඳ අශ්වයෙක්,  අශ්වයෝ කොච්චර ඉන්නවාද අපේ. මහින්ද අමරවීර හොඳම අශ්වයා. අපිගාව බඩු ඉන්නේ. ඔයගොල්ලෝ දුවපුදෙන්. මොකක්ද වෙන්නේ ?  එකක් ලියලා තියාගන්න මේ බදුල්ලේ. කවුරු ආණ්ඩු පිහිටෙවුවාත් නිමල් සිරිපාල ඇමති, චාමරත් ඇමති. මොකද මේ තියෙන තත්ත්වයේ ගියොත් 113 කාටවත් හදන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published.