මාළු මිල ශීඝ්‍රයෙන් පහළට

වෙ‍ෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබාදීමට හැකිවීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව යි.

ඊයේ(23) දින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ බලයා කිලෝවක තොග මිල රුපියල් 650-700 අතර ද ,තලපත් සහ කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1300ක්ද, කොප්පරා මසුන් කිලෝවක තොග මිල රුපියල් 2000කටද ,හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් 550-600 මිලකටද ලින්නා කිලෝවක තොග මිල රුපියල් රුපියල් 800 කට ද කුම්බලාවන් කිලෝවක තොග මිල රුපියල් 750කටද අලෙවි වී ඇත. එමෙන්ම ලොකු දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 1300ක්වූ අතර මධ්‍ය පරිමාණයේ දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 900ක්ද ,ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1500-1800ත් අතර මිලකට අලෙවිවී තිබේ.

Leave a Reply

Your email address will not be published.