විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සහ තියුණු ආයුධ කිහිපයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මතුගම නගරය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම අවිආයුධ සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් අවුරුදු 23ත් 40 අතර වයස්වල පසුවන දොඩංගොඩ,මතුගම සහ කළුතර දකුණ යන ප්රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් අද (28) මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.