මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 12කට රතු වරෙන්තු

විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවය.

ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් එම අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.