තියුණු සටනකින් සිම්බාබ්වේට ජය

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරගයක් (27) දින පැවැත්වුණි.

එහි, එක් ලකුණකින් ජය හිමි කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කරගැනීමට සමත්විය.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 129ක් පමණි.

Leave a Reply

Your email address will not be published.