දකුණු කොරියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී “හැලොවින්” උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර සිටින ශ්‍රීලාංකිකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ නිවේදනයක් නිකුත් කර ඇත.

එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව  බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම සිද්ධිය වාර්තා වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවී මේ පිළිබඳ සොයා බැලූ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා සරණාගත වීසා මත එරට රැඳී සිටි අයෙක් බවත් මියගිය සහ තුවාල ලැබූවන් අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.