ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක්

ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත  කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස්  වී ඇති බව බලධාරීන් සදහන් කරයි.

මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.

ලැව්ගිනි හා නියං  තත්වයක් හට ගැනීමේ අවදානමක් ද, පවතින බවට  කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

 මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසවලට මූලික හේතුවක් බව, කාලගුණ අංශ  වැඩිදුරටත් පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published.