අධ්‍යාපනයේ වෙනසක් ගැන ඇමති කියයි

රටේ අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එම අධ්‍යාපන පරිවර්ථනයට අදාළ සංශෝධන කොටස් 6ක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම අදහස් පළ කළේය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා අද යන්න වෙලා තියෙන්නේ පරිවර්තනයකට. කොටස් 6කට අපි සැලසුම් කරලා තියෙනවා. ඒකේ මම මුලින්ම පටන්ගන්න යන්නේ ලබන ජනවාරි වෙනකොට පරිපාලනයේ තියෙන්නා වූ අධ්‍යාපනයේ වෙනස්කම ඉස්සරලා කරන්න ඕනේ. නැත්නම් අපිට ධාරිතා වර්ධනයක් කරන්න බැහැ. යම් පාසල් පර්ශදයක දරුවන්ට සාමාන අධ්‍යාපන අවස්ථා 6 වෙනි ශ්‍රේණියෙන් ඉහළට ඉංග්‍රීසී මාධ්‍ය, සිංහල දෙමළ වගේම… උසස් පෙළ විෂය ධාරා 4 තියෙන පාසල් සහ සම්පත් තියෙන පාසල් බවට ඒවා දැනටත් සමහරක් ඒවායේ තියෙනවා. නැති ඒවාට ලබාදීලා අපි ඒ හරහා පරිපාලනමය වශයෙන් වෙනස්කමකට භාජනය කරනවා. ඒ වගේ 2025 ඉඳලා බලාපොරොත්තු වෙනවා, අපි නිර්මාණය කරන අධ්‍යාපනය පිළිබඳ වෙන්වූ විශ්වවිද්‍යාලයක් මගින් උපාදිධාරී පුහුණු ගුරුවරයෙක් පංතිකාමරයට යවන්න ඊළඟ වර්ෂ කිහිපය තුළ”

Leave a Reply

Your email address will not be published.