කලකට පසු දුමින්දත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට

ඉදිරි මාසයක කාලය ඇතුළත පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (30) රාත්‍රීයේ ඩාලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණි.

ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් සාමාජිකයින් කිහිපදෙනෙකු පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීමෙන් අනතුරුව පැවැත්වු පළමු මධ්‍යමකාරක සභා රැස්වීම මෙය වේ.

මීට අමතරව පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර පසුගිය දා පැවැති පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායක රැස්වීම් සඳහා මොහු කැඳවා තිබුණේ නැහැ.

කෙසේවෙතත් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වා සිටි අතර එහි මාධ්‍යවේදීන් මධ්‍යම කාරක සභාව සඳහා පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කිරීම පිළිබඳව විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published.