මුහුදුබඩ මාර්ගයේ දුම්රියක කාර්මික දෝෂයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් වාද්දූව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

අද (31) උදෑසන 7.55ට පමණ දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය වාද්දූව පල්ලි මංකඩ ප්‍රදේශයේ දී එලෙස දෝෂයට ලක්ව ඇත.

එහිදී මගීන් දැඩි පීඩාවට පත්ව ඇත.

පසුව අලුත්ගම සිට මරදාන දක්වා දක්වා ධාවනය වූ වෙනත් දුම්රියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ කාර්මික දෝෂයට ලක්වූ දුම්රියේ මගීන්ව රැගෙන ගොස් තිබේ.

එහිදී දුම්රිය මගීන් දුම්රිය එන්ජිමේ අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු ද දක්නට ලැබුණි

Leave a Reply

Your email address will not be published.