ජේලර් ඝාතනයට සම්බන්ධ අපරාධකරුවෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලට අනුයුක්තව රාජකාරි කළ ජේලර්වරයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ වු බවට සැකකෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්කුඩු සමග අදාළ පුද්ගලයාව හික්කඩුව තිරාණගම දී අත්අඩංගුවට පත්ව තිබුණි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිගෑම් 100 ද පොලිස් භාරයට ගෙන තිබේ. 

ජේලර්වරයා ඝාතනය කර තිබුණේ ඉකුත් 2019 වසරේ අගෝස්තු 3 වෙනි දිනය.       
  
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන “දොස්තර සුද්දා” සහ “මේනක” යන පුද්ගලයන්ගේ සමීපතම  ගෝලයෙකු බව පොලීසිය පවසයි.  

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිහක් වන හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.