පාකිස්තානයට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Heather Graham හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 39ක් රැස්කළේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී සුපිරි පිතිහරඹයක නියැලුණු Shadab Khan වේගවත් ලකුණු 52ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

ඔහු සමඟ එක්ව පාකිස්තාන ඉනිම ඉහළට එසවූ Iftikhar Ahmed ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

කෙසේ වෙතත් යළි තරගයේ පාලනය අතට ගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ද පාකිස්තානයට දැඩි පීඩනයක් එල්ලකළේය.

එහිදී අගනා පන්දු යැවීමක නිරතවූ Anrich Nortje පන්දුවාර 4කදී ලකුණු 41කට කඩුලු 4ක් දවාගත්තේය.

Wayne Parnell, Kagiso Rabada, Lungi Ngidi සහ Tabraiz Shamsi එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published.