බදු ආදායම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2022 වසරේ බදු ඉලක්කය වූ රුපියල් බිලියන 915න් සියයට 68.4%ක ඉලක්කයක් මේ වනවිට සපුරා ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත්තේ, රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන එම වාර්තාවේ අවසන් සාකච්ඡාව අද (03) පවත්වන බවය. 

බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. 

සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද එක්වෙමිනි.

“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ සුවිශේෂී කාර්යභාරයක නිතර වෙනවා. ඇතැම් විට අපි ඔවුන්ට දෙන්නෙ ඉතා අසීරු ආදායම් ඉලක්ක. 2021 වසරේ දී අපි ඔවුන්ට ලබාදුන්නා වසර අවසානයේ දී රුපියල් බිලියන 488ක බදු ආදායමක් හොයල දෙන්න කියන අසීරු ඉල්ලකයක්. නමුත් වසර අවසන් වෙද්දි ඔවුන් ඒ ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 497ක ආදායමක් හොයල දුන්නා. එය අපේක්ෂා කළ ආදායමට වඩා 101.8%ක ඉහළ යාමක්. 

2022 වසරේ අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 915ක බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා උපයා ගැනීම. සතුටින් කියන්න පුළුවන් පසුගිය සැප්තැම්බර් මාසෙ අවසන් වෙද්දි එම ඉල්ලකයෙන් 68.4%ක්  හොයල ඉවරයි. මේ සියල්ල උපයා ගන්නෙ 8.2%ක ඍණ ආර්ථිකයක් රටේ පවතිද්දි”

Leave a Reply

Your email address will not be published.