චීන-ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කඩිනමින්

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය.

මේ අතර චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනය සංවර්ධනය වෙමින් පවත්නා රටවලට චීන වෙළෙඳපොළට ඇතුලුවීමට නවෝත්පාදන වේදිකාවක් බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.