මඩ්ඩුවිල් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කඩිනමින් පිළිසකර වෙයි

රුපියල් මිලියන 200 වියදමින් ඉදිකරන ලද යාපනය මඩ්ඩුවිල් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් මස්තාන් මහතා පසුගියදා නිරත විය.

2022 මාර්තු මස මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කලත් විවිධ ගැටලු හේතුවෙන් මේ වන විට භාවිතයෙන් තොරව පවතී.

ජලය, විදුලිය, මල ප්‍රවාහන පද්ධතියේ අඩුපාඩු හා නරක් වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගැටලු නිසා මෙම ආර්ථික මධ්‍යස්ථානය වැසී තිබිණි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවේ දී කාදර් මස්තාන් ඇමතිවරයාගේ ඉල්ලීම මත අඩුපාඩු සකස් කර ලබන ජනවාරි මාසයේ සිට ජනතාවගේ ජීවනාලිය නංවාලීමට උපරිම දායකත්වය ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය හා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී එකග විය.

මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් ලේකම්,වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න මහතා,ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමලනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.