මෛත්‍රී හදිසියේම අසනීප වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට Covid-19 වෛරසය ආසාදනය වී තිබේ.

දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (04) දිනයේ තහවුරු වී ඇති බව වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සිය නිවසේ රැඳී සිටින බව ද නිදහස් පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සුවය ලබන තෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව තිබූ ජනහමු සහ සෙසු දේශපාලන කටයුතුවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.