බිත්තර මිළ ගැන නිවේදනයක්

බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මේ අනුව බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව සුදු බිත්තරය රුපියල් 43/- ක් සහ රතු බිත්තරයක් රුපියල් 45/- ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මකයි.

Leave a Reply

Your email address will not be published.