ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රැඳෙන තරග දෙකක් අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (04) පැවැත්වෙයි.

නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයත්, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයත් ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිතය.

එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරග ජයගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අහිමි වෙයි.

එංගලන්තය සමග පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගෙන අද පැවැත්වෙන තරගවලින් ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published.