හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසනවා.
ඒ මීට පෙර රුපියල් 400ක මිල ඉක්මවා තිබූ තිරිඟුපිටි කිලෝවක මිල, පිටකොටුව තොග වෙළෙඳපොලේ රුපියල් 290ක් දක්වා පහත දමා ඇති පසුබිමක එහි වාසිය ජනතාව වෙත ලබා දීමේ අරමුණින් මෙලෙස කොත්තුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.
මේ අතර කොත්තුවක, බත් පැකට්ටුවක, කිරි තේ එකක සහ ප්ලේන්ටියකට පාලන මිලක් තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා
2022-11-05