රුසියාවේ කෝස්ට්රොමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියාවේ මොස්කව් අගනුවරට ඊසාන දෙසින් පිහිටි කෝස්ට්රොමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවේ ගින්න හට ගෙන ඇත්තේ එරට වේලාවෙන් අලුයම 02.00ට පමණි.
රාත්‍රී සමාජ ශාලාවේ බීමත් පාරිභෝගිකයෙකු නර්තන වේදිකාවට ගිනි අවියකින් වෙඩි තැබීමෙන් ගින්න හට ගන්නට ඇතැයි බලධාරීහු පවසන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර සමාජ ශාලාවේ විදුලි පහන් දැල්වීමේ යන්ත්‍රයට ගිනි ඇවිලීමෙන් සමාජ ශාලාව පුරා ගින්න පැතිර යන්නට ඇති බවට විශ්වාස කෙරේ.
පැතිරුණු ගින්න නිවා දැමීමට සහන සේවකයන්ට පැය කිහිපයක් ගතව තිබේ.
ප්‍රදේශයේ 23 හැවිරිදි පදිංචිකරුවෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ටාස් ප්රවෘත්ති ඒජන්සිය නීතිය ක්‍රියාත්මක කරන මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ සැකකරු අපරාධයේ වගකීම පිළිගෙන ඇති බවයි.