කථානායකගෙන් ඉල්ලීමක්

ආංශික අධීක්ෂණ කාරක සභ නව ස්ථාවර කාරක සභා ත්‍රිත්වය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි කථානායකවරයා ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත් කිරීම සඳහා සභාවේ අනුමතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 

එසේම, පිහිටුවීමට නියමිත කාරක සභා සම්බන්ධව අද දවසේදී අවසන් තීරණයකට එළඹ සියලු වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව, අද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ‍ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්වලදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවලට අදාළ අනෙකුත් කාරණා මෙන්ම බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නැමති කාරක සභා ත්‍රිත්වය පිහිටුවීමේ කටයුතු සඳහා අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.